නිවස ඔසවා ගං වතුරට අභියෝග කරයි

Published in අනං මනං
Thursday, 04 September 2014 10:37

එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කර ගත්තේය.

නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතර හමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන උපදේශකවරයකු වූ ලව්රි එසේ පලා ගියේ නැත. පරිගණක ගතකරන ලද ඔසවන (ජැක්) ආධාරයෙන් ඔහු නිවස එසවීමට කටයුතු කළේය.

ලව්රි පැවසුවේ තම නිවස ටොන් 80ක් බර බවයි. ඔසවන 28ක් උපයෝගී කරගනිමින් පැයකට අඟල් තුන බැගින් නිවස එසවීමට පවුම් 70,000ක් (රුපියල් කෝටි එකහමාරක්) වැය වූ බව ඔහු කියයි.

නිවස එසවීමෙන් පසු යට ඉතිරි වූ හිස් අවකාශය සිමෙන්ති ගල් යොදා වසා දමා ඇත. දැන් එය නව නිවසක් සේ පෙනෙයි. ගංවතුරෙන් හානිවන බැවින් පවුම් මිලියනයක් (රුපියල් කෝටි 21ක්) පමණ වටිනාකමක් සහිතව තිබූ මේ නිවසේ දැන් වටිනාකම පවුම් මිලියන 1.5 ක් (රුපියල් කෝටි 31.5) දක්වා ඉහළ ගොස් ඇත.1409541547523 Image galleryImage 27 8 14 Picture David Cru

1409541540726 Image galleryImage Yaron Ivry at his home in

1409541554613 Image galleryImage Yaron Ivry at his home in

1409541562493 Image galleryImage Yaron Ivry at his home in

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us