කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

Published in පුවත්
Tuesday, 04 June 2024 10:40

දෙවනවර කියවීම සඳහා අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

පසුගියදා (27) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත කොන්දේසි සහිතව අනුමත කරන ලදී.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, සම සභාපතිනිය වන ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය සහ ගරු ඩී.වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කරන ලද කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිරීති හැකි ඉක්මනින් සකස් කළ යුතුය යන කොන්දේසිය මත පනත් කෙටුම්පතට අනුමතිය ලබාදෙන බව කාරක සභා සභාපතිනිය මෙහිදී පැවසීය.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර ඇති සංශෝධන ද කාරක සභා අදියරේදී ඇතුළත් විය යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.
කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති රීති සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සති දෙකක් ඇතුළත අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය මෙහිදී කාරක සභාවට සහතික වූවාය.

ඉහත පනත් කෙටුම්පතේ සම්පූර්ණ ප්‍රතිලාභය ලබා ගත හැක්කේ එකී සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීති රීති සකස් කිරීමෙන් පමණක් බව මෙහිදී කාරක සභා සභාපතිවරිය අවධාරණය කළාය.

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us