තම වර්ජනය සාර්ථක බව එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළ ද අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා ගුරු සංගමය ද පවසන්නේ වර්ජන ක්‍රියාමාර්ගය අසාර්ථක බවයි.
ගුරුවරුන්ගේ වසර ගනනාවක සිට පවතින වැටුප් විෂමතා ගැටලුව විසදන ලෙස ඉල්ලමිනුයි වෘත්තීය සමිති සන්ධානය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත්තේ.
දිවයින පුරා පාසල්වලට සාමාන්‍ය පරිදි සිසුන් පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා.
ගුරු සංගම් ආරම්භ කර ඇති වැඩවර්ජනය වතුකරයේ අසාර්ථක වූ බව එහි ගුරු සංගම් පවසනවා.
-P.M