ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල-දෙමළ AI GPT වේදිකාව Sigiriya AI නමින් එයි Featured

Published in පුවත්
Tuesday, 28 May 2024 09:24

LankaGPT Technologies 2024 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සහ දෙමළ AI ජනන පෙර පුහුණු ට්‍රාන්ස්ෆෝමරය (GPT) එළිදැක්වීමට සූදානම් වේ.

Sigiriya AI ලෙස නම් කර ඇති, පෙළ-පාදක AI (text-based AI platform) වේදිකාව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා දෙන විමසීම් සඳහා මිනිසුන්ට සමාන ප්‍රතිචාර ජනනය කිරීම සඳහා ය.

“ප්‍රධාන අරමුණ වූයේ ලෝකයේ ඕනෑම තැනක සිට ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවේශ විය හැකි ශ්‍රී ලාංකික කේන්ද්‍රීය AI වේදිකාවක් තිබීමයි. අපට අවශ්‍ය වන්නේ අපගේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට සහ භාවිතයේ අඩුවෙමින් පවතින අපගේ සිංහල සහ දෙමළ භාෂා ආරක්ෂා කිරීමටයි," LankaGPT Technologies හි සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ලක්ෂිත කරුණාරත්න මහතා පැවසීය.

AI මෙවලම නිර්මාණය කර ඇත්තේ පිළිවෙළින් සිංහල සහ දෙමළ භාෂා සඳහා හිමිකාර දත්ත කට්ටල (proprietary data sets) බිලියන 10ක සම්පූර්ණ එකතුවක් භාවිතා කරමිනි.

කරුණාරත්නට අනුව, AI මෙවලම ශ්‍රී ලංකාව සඳහා පදනම් වූ GPT වේදිකාවක් වන අතර එය OpenAI හි chatbot, ChatGPT ට වඩා වෙනස් වේ.

Caladium Capitals USA සමග සහයෝගීව සංවර්ධනය කරන ලද, AI මෙවලම සැලසුම් කර ඇත්තේ සත්‍ය සහ ආනුභවික (factual and empirical) දත්ත වලින් පසු විමසීම් සඳහා සියයට 95ක නිරවද්‍යතාවයකින් ප්‍රතිචාර ලබා දීමටය.

වේදිකාවේ ක්‍රමලේඛකයින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඩුබායි පුරා පිහිටා ඇති බව කියනු ලැබේ. මූලික වෙළඳපල අරමුණ වන්නේ ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු ජනගහනයක් සිටින මැදපෙරදිග, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි කලාපවලට විනිවිද යාමයි.

එපමනක් නොව, LankaGPT විසින් දිවයිනේ ක්ෂේත්‍ර කිහිපයකට මෙම මෙවලම නොමිලේ ලබාදීමට අපේක්ෂා කරයි.

“ආර්ථික හා සමාජීය භූ දර්ශනය වැඩිදියුණු කිරීමේදී AI හට කළ හැකි කාර්යභාරය අපි හඳුනා ගත්තෙමු. මේ හේතුව නිසා, නවෝත්පාදනයන් මෙහෙයවීම, ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීමේ බලාපොරොත්තුව ඇතිව අධ්‍යාපන, කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා මෙම මෙවලම නොමිලයේ ලබා දීමට අපි දැඩි ලෙස කැපවී සිටිමු. ”කරුණාරත්න ප්‍රකාශ කළේය.

දේශීය පරිශීලකයින් සඳහා වේදිකාව සඳහා දායක මිල ජූලි දෙවන සතිය වන විට සම්පූර්ණ නිෂ්පාදනය එළිදැක්වීමෙන් පසුව අනාවරණය කිරීමට නියමිතය.

මුලින් පෙළ-පාදක වේදිකාවක් ලෙස හඳුන්වා දුන් මෙම මෙවලම අනාගතයේදී හඬ, රූප සහ ශ්‍රව්‍ය යෙදවුම් සමඟ ක්‍රියා කිරීමට නවීකරණය කරන බව කරුණාරත්න මහතා පැවසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us