නිර්මාණාත්මක කර්මාන්තය සංවර්ධනයට “Creative Sri Lanka 2030” දියත් කෙරේ   Featured

Published in පුවත්
Tuesday, 28 May 2024 08:49

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් "Creative Sri Lanka 2030" ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම සහයෝගීතා ප්‍රයත්නයේ අරමුණු වන්නේ ආචාරධාර්මික, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය වැඩි කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා නිර්මාණාත්මක කර්මාන්තයේ උපරිම දායකත්වයක් ලබා දීමයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉහළ දායකත්වයක් සහිත ගෝලීය නිර්මාණාත්මක කර්මාන්තය ලොව පුරා වේගයෙන්ම වර්ධනය වන ආර්ථික අංශයක් ලෙස කැපී පෙනෙන අතර රටවල් ගණනාවක දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දායකත්වයක් සපයන සැලකිය යුතු අංශයකි.

ශ්‍රී ලංකාවට ආවේණික ශිල්පීය හැකියාවන්, සංස්කෘතික විවිධත්වය සහ ස්වභාවික සම්පත්වලින් පොහොසත් වීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක කර්මාන්තයට මෙරට ආර්ථිකයට දායක වීම පිණිස සැලකිය යුතු විභවයක් ඇත. මේවා කලාව, අත්කම්, නිර්මාණ, විලාසිතා, සිනමාව, ප්‍රාසාංගික කලාව, උරුමයන්, ගෘහ නිර්මාණ ශිල්පය, ශ්‍රී ලංකාවේ ආහාරපාන සහ තවත් බොහෝ නිර්මාණාත්මක කර්මාන්ත සඳහා පදනම සපයයි.

ශ්‍රී ලංකාව මේ තත්වයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව නව සහ තිරසාර වර්ධන ප්‍රභවයන් ගවේෂණය කළ යුතුය. මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා මෙන්ම රටේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්ට ගැලපෙන නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම පිණිස මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

TIFC සහ UAL ආයතන විසින් ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ කර්මාන්තයේ හැකියාව (Sri Lanka’s Crafting Potential) පිළිබඳ පර්යේෂණයක් සිදු කර තිබේ. නව්‍යකරණය, සහයෝගීතාව සහ අධ්‍යාපනය යන ප්‍රධාන අංශ තුන ඔස්සේ අනාගත මැදිහත්වීම් සඳහා ශ්‍රී ලාංකේය ශිල්ප ක්‍ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම පිණිස "ශ්‍රී ලංකාවේ ශිල්පීය අංශය සඳහා තිරසාර වෙළඳාම සහ සංවර්ධනය” (Sri Lanka’s Crafting Potential: Sustainable Trade and Development for Sri Lanka’s artisanal sector) වශයෙන් එය නම් කොට ඇත.

ආරම්භයේදී අපනයන සංවර්ධන මණ්ඩලය, TIFC සහ UAL සමඟ සහයෝගයෙන්, පුරෝගාමී ශ්‍රී ලාංකික සන්නාම දහයක් තෝරා ගැනීමට නියමිතය. CELE සහ Good Life X හි සහයෝගයෙන් ගෝලීය පරිමාණයෙන් තිරසාරත්වය, ආචාරධාර්මික භාවිතයන් සහ සංස්කෘතික උරුමයන් සඳහා ජාතියේ කැපවීම ප්‍රදර්ශනය කිරීමට මෙම සන්නාමයන් සූදානම් කෙරෙනු ඇත. ආචාරධාර්මික ප්‍රමිතීන්, තිරසාරභාවය සහ සමාජ වගකීම් සඳහා ඔවුන්ගේ කැපවීම සලකා බලමින් තෝරාගෙන ඇති මෙම සන්නාම දහය පුළුල් ධාරිතා සංවර්ධන වැඩසටහනකට යොමු කෙරේ.

තවද, Sri Lanka Apparel Sourcing Association (SLASA), Joint Apparel Association Forum (JAAF) සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ලන්ඩනයේ පැවැත්වෙන රෙදිපිළි සහ ඇඟලුම් විලාසිතා ප්‍රවර්ධන වැඩසටහනේදී ‘ශ්‍රී ලාංකික නිර්මාණාත්මක කර්මාන්තය’ ජාත්‍යන්තරව හඳුන්වා දෙන අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ගෝලීය නිර්මාණාත්මක ආර්ථිකය තුළ එහි විභවයන් ඉස්මතු කරමින් ප්‍රථම ජාත්‍යන්තර නිර්මාණාත්මක ප්‍රදර්ශනය එළිදැක්වීමට නියමිතය.

"Creative Sri Lanka 2030" වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකීය අත්කම් අන්තර්ජාතික වශයෙන් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා පමණක් නොව, ශිල්පීන්ට සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසෙන තිරසාර ව්‍යාපාරික ආකෘතියක් පෝෂණය කරමින් දේශීය ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම ද අරමුණු කරගනියි.

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය, අන්තර්ජාතික වෙළඳපොළේ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍ය ප්‍රවේශයන් ගවේෂණය කරමින් සිටියි. එබැවින්, මෙම අංශය දියුණු කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නිෂ්පාදන සහ සේවාවන් ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ්, ආයෝජන ප්‍ර‍වර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනෝජා හේරත්, London College of Fashion හි දැනුම හුවමාරු කිරීමේ ප්‍රධානී (Knowledge Exchange Lead) හැනා මිඩ්ල්ටන් (Hannah Middleton), Institute for Future Creations හි සම නිර්මාතෘ රොබට් මීඩර්(Robert Meeder), Institute for Future Creations හි සම නිර්මාතෘ සින්දු හොලා (Sindu Holla) ඇතුළු සම්භාවනීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

bizderana

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us