ගංවතුර අවදානමක ලකුණු

Published in පුවත්
Thursday, 23 May 2024 16:46

දැදුරු ඔය,මහඔය,අත්තනගලු ඔය,කැලණි,කළු,ගිං,නිල්වලා සහ බෙන්තර යන ගංගාවල ජල මට්ටම් ඉහළ තත්වයක පවතින බව වාර්තා වේ.

එම නිසා  ගංගාවල ඉහළ ප්‍රදේශවලට අධික වැසි තත්වයක් ඇතිවුවහොත් මෙම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්වයක් උද්ගතවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අංශ සඳහන්කරයි.

කාලගුණික අංශ විසින් කැලණි,කළු,ගිං යන ගංගාවල ඉහළ ප්‍රදේශවලට අධික වැසි තත්වයක් ඇතිවන බවට සඳහන් කර ඇතැයිද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.මෙම ගංගා ආශ්‍රිතව දිය නෑම,ඔරු පැදීම අනතුරුදායක බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කෙසේ වෙතත් කලු ගගේ අතු ගංගාවක් වන කුඩා ගග ආශ්‍රිතව පිහිටා තිබෙන කුකුළේ ගග විදුලි බලාගාර ජලාශයේ තවදුරටත් විවෘත කර ඇති අතර,මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ග රැසක් දැනටමත් ජලයෙන් යටවී තිබේ.

අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්වයක් උද්ගතව ඇත.මේ හේතුවෙන් අත්තනගලු ඔය දෙපස පිහිටා තිබෙන අත්තනගල්ල,ජා ඇල,ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

බස්නාහිර,සබරගමුව,වයඹ,දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ගලා යන සියළු ගංගාවල ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවැසීය.

දිවයිනේ ජලාශ වල සමස්ත ජල ධාරිතාවය සියයට 78 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ජලාශ වල වාන් දැමීමේ සීඝ්‍රතාවය ක්ෂණිකව ඉහළ දැමීමට සිදුවන බැවින් ඒ සම්බන්ධව ජලාශ පහල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවද ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us