සජිත් එන්නේ නැති විවාදයට මම එනවා

Published in පුවත්
Thursday, 23 May 2024 13:26

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සඳහා තමා සහභාගී වීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

"ෆේස් බුක් එක බලලා වැඩියෙන්ම කමෙන්ට්ස් තියෙන්නේ ඒ පැත්තට කියලා හිතාගෙන මේ පැත්තේ අය අර පැත්තට යනවා. හැඳි මිටට සෙනග ආවාම මෑන් පවර් ඒජන්සිවල බස්වලින් දාලා කොළඹ ඉන්න ජාවාරම්කාරයන්ගේ සල්ලිවලින් සෙනග ගෙනල්ල කොහේ හරි සෙනග පිරෙව්වාම අපිත් එක්ක හිටපු එවුන් ගිහින් සාකච්ඡා කරන්න හදනවා පැලවත්තේ. මේ වගේ ගොබ්බයන් එක්කද අපි මේ රට ඉදිරියට ගෙනියන්නේ කියලා අහන්න ඕන." යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

 ඔහු මේ බව ප්‍රකාශ කළේ ලයිට්හවුස් දේශන ශාලාවේ ඊයේ (22 වැනිදා) පැවති ජනරජ දින සැමරුම සඳහා එක්වෙමින්ය. 

පෞර්ෂයක් නොමැති දේශපාලකයන් යැයි කියා ගන්නා පිරිස පරාජය කිරීම සිය රජයක් යටතේ ඇති ප්‍රමුඛ කාර්යක් බවත් එය අපේ හතුරන් පරාජය කිරීමට වඩා ප්‍රමුඛ වන බවත් එසේ නොවුණහොත් වැරදි මතයක් සමාජගත වන බවත් ඔහු සඳහන් කළේය. 

"වාමාංශික දේශපාලනය යැයි කියමින් අපිත් එක්ක එකට ඉඳලා පරදිනවා කියලා දැනගත්තාම ගුබ්බෑයන් අස්සේ රිංගන කිසිම කෂේරුකාවක් නැති ඒ දේශපාලකයන් පරාජය කරන්න ඕන. අද පුතානෝ ළඟ වැඳ වැටෙන මේ ධාරාවේ හිටපු දේශපාලකයන්ටත් අපි කියන්න කැමතියි ඒ තත්ත්වයට බාල්දු වුණ ඔබ ජනතාව ප්‍රතික්ෂේප කරන විදිය බලාගන්න ඊළඟ මැතිවරණයට අපිත් එක්ක එකතු වෙලා එන්න බලන්න ගමට කියලා. රටක් ගොඩනගන්න බැහැ ජාතිකත්වයක් නැතුව. ඒක තමයි මැතිනිය ප්‍රකට කළේ. අද ඉතුරු වෙලා නැහැ එතුමිය ආරම්භ කළ කිසිදු සංස්ථාවක්. ඔක්කොම විකුණලා ඉවර කරලා. දැන් මේ අන්තිමට විකුණන්න හදන විදුලිබල මණ්ඩලයත් එතුමියට පින් සිද්ධ වෙන්න ඇති වෙච්ච එකක්. අද ජාතිකත්වය වහකදුරු වෙලා.. අපි ජාතිකත්ව කඳවුරේ හිටගත්තේ මීට වසර 30කට පෙර සිට. ඒ වගේම වසර 30ක යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න තියෙද්දී ඔය අද අදිඨන කියලා අත පය නැති සොල්දාදුවෝ කිහිපදෙනෙක් ඉස්සරහින් තියාගෙන කිසිම අදිඨනක් නොතිබුණු තවත් පිරිසක් ඉස්සරහින් තියාගෙන ඉන්න මා මිත්‍ර අනුර කුමාරට මම කියන්න ඕන ඔබ යුද ජයග්‍රහණය පරාජය කිරීම සඳහා 2008දී අයවැය පරාජය කරමින් රජය පෙරළා දැමීමට දරපු උත්සාහය සමාන වෙන්නේ මේ මැතිනිය ජනරජ ව්‍යවස්ථාව ගේන්න ඔන්න මෙන්න තිබියදී ඇය ඝාතනය කිරීමට උත්සහ කළ කැරැල්ලට. යම්හෙයකින් එම අයවැය පරාජය වෙලා ආණ්ඩුව පරාජය වුණානම් ඔබ අදත් ඉන්නේ යුද්ධයෙන් සාපලත් දේශයේ. කුමන්ත්‍රණකරුවන් යුද්ධය අවසන් වීමට එළිපත්තේ ඉඳිද්දී ඊට විරුද්ධව කුමන්ත්‍රණය කළා. අන්න ඒක කතා කරන්න අනුර කුමාර අතර සාකච්ඡාවක් ඕන.

මේක තමයි සිස්ටම් චේන්ජ් වුණ වසර. වසර 500 ගණනකට ආසන්න කාලයක් අපි අනිකුත් රටවල්වලට යටත්ව සිට ඊළඟට 48දී යම්කිසි නාමික නිදහසක් ලබලා ඊට පස්සේ 72දී තීරණාත්මක වෙනස සිද්ධ කළා. 72 වෙනස වෙන්න නායකත්වය ලබාදුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 72 වෙනස කරන්න එතුමියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ පවා සටහන් කළා මෙය ජනරජයක් බවට පත් කරන බව. ඉන් එතුමිය බලාපොරොත්තු වුණේ අපි කිරීටයෙන් නිදහස් වීමයි. 48න් පස්සේ තිබුණ ආණ්ඩුව තිබුණේ කිරීටයට යටත්ව. ඒ නිසා ඇයට ඕන වුණා ජනරජයක් ලෙස නම් කර කටයුතු කරන්න. අපිට ඕන වුණා ජාතිකත්වය නිවැරදි ලෙස පොළොවේ පැළ කරන්න. බණ්ඩාරනායක මැතිනිය එය ඉටු කළා. හැබැයි ඒ දේශපාලනයේ තියෙන වැදගත්කම තමයි එතුමිය වටකරගෙන හිටියේ. පතාක යෝධයන් වන සමසමාජ, කොමිනියුට්ස් නායකයන්. එන්. එම් පෙරේරා වැනි පුද්ගලයන්. ඔවුන් වාමාංශිකයන්. හැබැයි මැතිනිය තේරුම් අරගෙන එකමුතුව වැඩ කළා. ඒ තමයි නිර්මල, අවංක වම. ඒ වම මාක්ස්ගේ පොත අකුරෙන් අකුර නොගෙන එහි සන්ධර්භය අරගෙන කොහොමද මේ රටට ගැලපුවේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කොහොම වුණත් ඔවුන් මතක තියා ගන්න ඕන 72 මැතිනිය මේක කරන්න යෝජනාව ගෙනාවේ ඇයගේ මැතිවරණ ප්‍රකාශයෙන්. අපි නැවත හැරිලා බලන්න ඕන. නැවත හැරී බැලුවාම එදා ඇත්ත පත්තරේ කියපු දේ ඇත්තයි කියලා හිතෙනවා. ඇත්ත පත්තරේ සඳහන් කළා මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් මැතිනියට විරුද්ධව ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද මැතිනිය මේ රට ස්වාධීන කරන්න හැදුවා. ඉතින් ඇය මරා දමන්න මිසක් ජවිපෙ උත්සහ කළේ නැහැ රැජිණිය මරා දමන්න. රැජිණිය වෙනුවෙන් මැතිනිය මරා දමන්නටයි ඔවුන් කැරැල්ල කළේ. හැබැයි දෛවයේ සරදම ඔවුන්ගේ නඩුවත් අහන්න ගියේ රැජින ගාවට. අදටත් ක්‍රියාත්මක වන්නේ ඒ චින්තනයමයි. අද ජාතිකත්වය විනාශ කරන්න ජවිපෙ අද ප්‍රසිද්ධියේම පෙනී සිටිනවා. ඔවුන් අද අහනවා ස්වාමින් වහන්සේලා කාලා ඇඳලා නිකන් ඉන්නේ කොහොමද කියලා. ඒ නිසා අපිත් ඒ විදියට ඉන්නවා. අපි කාලා ඇඳලා ඉන්න විදිහ අහන්න එපා. එලෙස එවැන්නක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න තරම් මේ ජාතිය නිවට වුණාදෝ කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. අපිට ගැටලුවක් නැහැ අපේ මිත්‍ර අනුර කුමාර දිසානායක රෑට රෑට ගිහිල්ලා එයාගේ ෆේක් කමන්ටු බළකායෙන් ඔවුන් මුහුණත් වෙන්න පුළුවන්. ෆේක් කමන්ටු ගැහුවට කමක් නැහැ. නමුත් මේවා ප්‍රසිද්ධියේ කියනකොට අපේ ඇඟ නලියන්නේ නැත්තේ ඇයි කියලා තමයි මට අහන්න තියෙන්නේ.

 

අරුණ 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us