ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහක ද නිරත විය.
ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.