මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000ක් බදවා ගැනේ

Published in පුවත්
Tuesday, 21 May 2024 15:48

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය අරලියගහ මන්දිරයේදී අද (21දා) පැවැත්විනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙිපොල යන අයගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණි.

මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භ කරන ලද නව පුහුණු මධ්‍යස්ථානවල පුහුණුවීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මෙම පුහුණු කටයුතු ද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථානවල පුහුණුවීම් සදහා අනුයුක්ත කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක් සේවය කරනු ලබයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us