රනිල්ගේ ජනපතිවරණ නිල ප්‍රකාශය ගැන මනූෂ කියයි

Published in පුවත්
Tuesday, 21 May 2024 14:50

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ඔහු පවසා සිටියේ පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දක්වමින් පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති තරඟයට ඉදිරිපත් වන බව ද මනුෂ නානායක්කාර පවසා තිබේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බවය.
එක්සත් ජාතික පක්ෂිකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

Last modified on Tuesday, 21 May 2024 14:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us