විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ප්‍රමාද වෙන ලකුණු

Published in පුවත්
Monday, 20 May 2024 16:50

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ද ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට නියමිත නමුත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ඇතුළත් අත්පොත මුද්‍රණය කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මෙතෙක් නොහැකි වීම මීට හේතු වී ඇත.

ආරම්භ කර තිබෙන වර්ජනය ඊට හේතුව වන අතර අද හෙට වර්ජනය නතර කළ ද පොත මුද්‍රණය කර නිකුත් කිරීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගත වන බවත් අත්පොත නිකුත් නොකර මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීමට නොහැකි බවත් එහි ආරංචි මාර්ග කීවේය.

කෘෂිකර්ම පීඨයන්හි ගොවිපළවල සිටින සතුන්ට ආහාර ලබා දීම හැර ජලය විදුලිය සැපයීම ඇතුළු සෙසු සියලු කටයුතුවලින් අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වන විට ඉවත්ව සිටියි.

ඇතැම් පීඨවල සිසුන්ගේ දේශන මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන අතර පැවැත්වීමට නියමිතව ඇති විභාග කල් දැමීමට විශ්වවිද්‍යාලවලට සිදුව තිබේ. පවතින මූල්‍ය තත්ත්වය මත අනධ්‍යයන කාර්ය මණ්ඩල ඉල්ලීම් ලබා දීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසීය.

ඉකුත් 2016 වසරේ රාජ්‍ය සේවකයන්ට කළ වැටුප් වැඩි කිරීමේදී අහිමි වූ සියයට පහළොවක වැටුප් වැඩි වීම ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙම වර්ජනය ආරම්භ කළේ ඉකුත් 9 වැනිදා ය.

- අරුණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us