අයහපත් කාලගුණයෙන් පවුල් 3518ක් පීඩාවට

Published in පුවත්
Monday, 20 May 2024 14:36

අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩා වැටීම, තද සුළං ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා පවුල් 3518කට අයත් පුද්ගලයන් 10,299 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම මීට අමතරව නිවාස තුනකට අර්ධ හානි සිදුවී දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්ථානය විසින් පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑමක් යාපනය දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 26158කට අයත් පුද්ගලයන් 8000ක පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් සඳහන්.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 3කට අයත් 12 දෙනෙකු. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 342කට අයත් 946 දෙනෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 464කට අයත් 1334 දෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පස් දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ද පාසල් අද දිනයේ වසා තැබීමට ද තීරණ කර තිබේ. 

ප්‍රදේශ රැසක ජල ගැලීම් ඇති වී තිබෙන අතර වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයටයි. ආනවිලුන්දාව,  රාජකදලුව ,  මාඑළිය, බත්තුලුඔය හා මුතුපන්තිය ගම්මානවල ජල ගැලිම් හට ගෙන තිබේ

නිවාස රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් 200 දෙනෙකු අවතැන්ව ඇති අතර එම පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කුමුදුනි චන්ද්‍රිකා මහත්මිය සදහන් කළාය.

එමෙන්ම මුතුපන්තිය මෝය කපා හැරීමට ද කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීන් පවසා තිබේ

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ දිස්ත්‍රික් 7කට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මක බවයි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us