ගාලුමුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤවීදිය, මරදාන, පුරහල, රාජගිරිය, බත්තරමුල්ල, නුගේගොඩ, කිරුළපන, පෑලියගොඩ යන ප්‍රදේශ ආශ්‍රිත මාර්ග රැසක රැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන අතර බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයත් සමග කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.
මෙලෙස රථවාහන තදබදය හටගෙන තිබෙන්නේ අධික වර්ෂාවත් සමග මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙනි.
කෙසේ වෙතත් පොලිසිය විසින් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රථ වාහන ධාවනයේදි දැඩි සුපිරීක්ෂාවකින් කටයුතු කරන ලෙසයි.