වෙළෙ­ඳ­ස­ල්ව­ලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිළක් නියම වේයිද ?

Published in පුවත්
Saturday, 18 May 2024 08:19

වෙළෙ­ඳ­ස­ල්ව­ලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළි­බඳ පරි­ස­රය, ස්වාභා­වික සම්පත් හා තිර­සර සංව­ර්ධ­නය කෙරෙහි ආංශික අධී­ක්ෂණ කාරක සභාව අව­ධා­නය යොමු කර තිබෙනවා.

ඒ කාරක සභාවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් මාන්න­ප්පෙ­රුමගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා රැස් වූ අව­ස්ථාවේ මේ පිළි­බඳ අව­ධා­නය යොමු කර ඇත. පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කාරි පනතේ 10(1)බී වග­න්තිය යටතේ 2008 ඔක්තෝ­බර් 17 දිනැ­තිව පරි­භෝ­ගික අධි­කා­රිය විසින් නිකුත් කරන ලද විධාන අංක 26 මඟින් පනවා ඇති පරිදි කිසි­යම් වෙළෙ­න්දකු විසින් භාණ්ඩ විකු­ණන අව­ස්ථාවේ නිකුත් කරන කුමන වර්ගයේ හෝ බහා­ලුම් මලු/ එතුම් සඳහා පාරි­භෝ­ගි­ක­ය­න්ගෙන් කෙළින්ම හෝ අන්‍යා­කා­ර­ය­කින් කිසිදු මුද­ලක් අය කර­ගැ­නීම නොකළ යුතු බවට නියම කර නිකුත් කර තිබූ ගැසට් නිවේ­දන බල රහිත කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් 2024 මාර්තු 28 දිනැ­තිව දුන් තීන්දුවේ පිට­ප­තක් ලැබෙන තෙක් පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේ­ද­නය අව­ලංගු කිරී­මට නොහැකි වී ඇති බව මෙහිදී අනා­ව­ර­ණය වී ඇත.

එහිදී ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීර­ණය මාධ්‍ය මඟින් ප්‍රකාශ පත් කළද මෙහි බල­පෑම සමා­ජ­යට දැනී­මට යම් කාල සීමා­වක් ගත වන බැවින් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙන් පසු නිසි ක්‍රියා­මාර්ග ගැනී­මට මධ්‍යම පරි­සර අධි­කා­රියේ සහ පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රියේ නිල­ධා­රීන්ගේ පෙර සූදා­නම පිළි­බඳ විම­සීම සඳහා මෙදින රැස්වීම කැඳවා තිබිණි.

ලැබී ඇති ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව පරිදි ෂොපින් බෑග්ව­ලින් මුදල් අය කර­ගැ­නීම නිෂ්පා­ද­ක­යා­ගෙන් අය කර­ග­න්නේද නැත හොත් පාරි­භෝ­ගි­ක­යා­ගෙන් අය කර­ග­න්නේද යන්න පිළි­බඳ ගැට­ලු­වක් පව­තින බවද කාරක සභා­වේදී ප්‍රකාශ විය. ලෝකයේ වෙනත් රට­වල වෙළෙ­ඳ‍සල් මඟින් නිකුත් කරනු ලබන ද්විතී­යික ඇසු­රුම් සඳහා පම­ණක් පාරි­භෝ­ගි­ක­යා­ගෙන් මුදල් අය කරන බවත් නිෂ්පා­ද­ක­යා­ගෙන් ඇසු­රුම් සඳහා මුදල් අය කර­ගත හොත් ප්‍රාථ­මික ඇසු­රුම් සඳ­හාද මුද­ලක් ගෙවී­මට පාරි­භෝ­ගි­ක­යාට සිදු වන බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දී තිබෙනවා.

එබැ­වින් නිෂ්පා­ද­කයා මත අධි­භා­ර­යක් පැන­වීම අවශ්‍ය නොවන බවත් පෙර වෙළෙ­ඳ‍සල් මඟින් නොමිලේ දුන් ෂොපින් බෑග් මත යම් මුද­ලක් අය කිරී­මෙන් පාරි­භෝ­ගි­කයා ෂොපින් බෑග් ඉල්ලී­මෙන් වැළකී භාණ්ඩ මිල දී ගැනී­මට තම නිවෙ­සින් බෑග­යක් ගෙන යෑමේ පුරු­ද්දක් ඇති කිරීම මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විසින් ලබා දී ඇති තීන්දුව ඔස්සේ ඇති කළ යුතු සමාජ බල­පෑම බවත් කාරක සභාවේ සභා­පති අජිත් මාන්න­ප්පෙ­රුම මහතා අව­ධා­ර­ණය කළා.

මෙහිදී කාරක සභාව වැඩි දුර­ටත් සඳ­හන් කළේ ලෝකයේ වෙනත් රට­වල් පාරි­භෝ­ගි­ක­යාට නිකුත් කරන ද්විතී­යික ඇසු­රුම් මත අය කරනු ලබන මුදල් පරි­ස­රය ආරක්ෂා කිරීමේ රජයේ අර­මු­ද­ල­කට බැර කරන බවත්, සුපිරි වෙළෙ­ඳ‍සල් පම­ණක් එම අර­මු­දලේ ලියා­ප­දිංචි කර ඇති අතර කුඩා පරි­මා­ණයේ වෙළෙ­ඳ‍සල් සඳහා එය අදාළ නොවන බවයි. තවද ලෝකයේ මේ ක්‍රම­වේ­දය අනු­ග­ම­නය කර­නුයේ පාරි­භෝ­ගි­ක­යාගේ මන­සට පණි­වි­ඩ­යක් දීමට බවත් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීර­ණය ඵල­දායී ලෙස මෙරට තුළ ක්‍රියා­ත්මක කිරී­මෙන් සමා­ජය තුළ ෂොපින් බෑග් භාවි­තය සම්බ­න්ධ­යෙන් ආක­ල්ප­මය වෙන­සක් ඇති කළ හැකි බවත් කාරක සභාවේ අද­හස විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us