ඉන්දියාවේ PhonePe සහ ලංකාවේ LankaPay සමාගම් අතර ගිවිසුම සාර්ථකයි

Published in පුවත්
Friday, 17 May 2024 16:00

සංචාර හෝ රැකියා සඳහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ ෆෝන්පේ සමාගම හා ශ්‍රී ලංකාවේ LankaPay සමාගම් අතර එකඟතා ගිවිසුමකට පසුගිය දා එළැඹිණි.


ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව හඳුන්වාදුන් ගෙවීම් පියවීම් පිළිබඳ ජංගම දුරකතන යෙදුමක් වන UPI හරහා බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට මේ වනවිට අවකාශ සැලසී තිබේ.

එම අවකාශය තවදුරටත් පුළුල් කරමින් ලංකා QR පද්ධතිය හරහා ෆෝන්පේ යෙදුම භාවිත කරමින් ගෙවීම් කිරීමට අවශ්‍ය පහසුකම් පසුගියදා ඇතිකරගත් එකඟතාවත් සමග සැලසෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා

''ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඵෙතිහාසික, සංස්කෘතික හා භාෂාමය වශයෙන් එකිනෙකට බැදී ඇති ජාතීන් දෙකක්. එමගින් අප දෙරටේ ආර්ථිකයන් එකිනෙකට සම්බන්ධවෙලා තිබෙන්නේ. අපේ ජනතාව වගේම අපේ අභිලාෂයන්. මේ සියලු අභිලාෂයන් ශක්තිමත් කරගැනීම සඳහා අපි මාර්ග සිතියමක් ඇති කරගෙන තිබෙනවා ආර්ථික වර්ධනය හා සෞභ්‍යයේ ප්‍රතිඵල බෙදා හදා ගැනීම සඳහා. අපි මේ සබඳතාව ගුවන් මාර්ගවලට අදාළව වැඩි වෙමින් තිබෙනවා. ඒ වගේම බෝට්ටු සේවාව හරහා අපේ සබඳතා වැඩි දියුණු වෙමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව බලශක්ති ක්ෂේත්‍රයේ අතින් සම්බන්ධ කරගැනීම සඳහා වූ කොරිඩෝවක් නිර්මාණය කරගැනීමට එක්ව වැඩ කරනවා. ගොඩබිම් සබඳතා කොරිඩෝව තමයි අනෙක් වැදගත්ම එළැඹුම. එමගින් අප දෙරටේ ජනතාවට අපේ ආර්ථිකය එකිනෙකට සම්බන්ධ වීම අනෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්කරගන්න පුළුවන්''

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙහිදී නව ඩිජිටල් ගනුදෙනු අවකාශයේ වැදගත්කම පැහැදිලි කළේ ය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

''QR ඛේතය හරහා කෙරෙන මේ ගනුදෙනු ඉතා පහසු බැවින් ඒ පිළිබඳ ආකර්ෂණයක් ඇතිවෙනවා. එදිනෙදා මිලදීගැනීම් සඳහා මේ තාක්ෂණය යොදා ගත හැකියි. සාමාන්‍ය වෙළෙඳසැල්වලින් වගේම අවහන්හල්වලදී මෙන්ම ගමනාගමන වියදම් සඳහා දැනටමත් සංචාරක ව්‍යාපාරයට මේක යොදා ගැනෙනවා. මේ සබඳතාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් වැළඳගැනීම ශ්‍රී ලංකාව තබා ඇති පියවරේ මංසන්ධියක්. සිල්ලර මිලදී ගැනීමට අදාලව දේශසීමා ගනුදෙනු සඳහා මේ පහසුකම ලබා ගන්න පුළුවන්. අපි කවුරුත් හොදාකාරවම දන්නවා දේශසීමා අතර ගෙවීම්වලදී තියන අභියෝග. ඒකෙදී විවිධ වංචා වෙනවා, ආරක්ෂක ගැටලු පැන නගිනවා. මහබැංකුව විදිහට අපි මේ එළැඹුම දිරිමත් කරනවා වගේම ඊට අදාළ නියාමන මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් ඒවා ක්‍රියාක්මක කිරීමට සූදානම්. දේශසීමා අතර පියවීම් සම්බන්ධයෙන් මතුවන අභියෝග ජයගන්න මේක හොඳ මෙවලමක් ''

මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේදී ඉන්දියානුවෙකු කරන ගෙවීම් ඉන්දීය රුපියල්වලින් පියවෙන අතර, අදාළ විනිමය අනුපාතිකය කොතෙක්ද යන වග එම ගෙවීම් කරන තැනැත්තාට ඒ අවස්ථාවේදීම තහවුරු කෙරෙයි.

ඉන්දියානුවෙකු එලෙස ඉන්දීය රුපියල්වලින් ගෙවීම් කළද, අදාළ ගනුදෙනුවේ මෙරට පාර්ශ්වකරුගේ ගිණුමට මුදල් බැරවන්නේ ශ්‍රී ලංකා රුපියල්වලින් ය.

LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා

අපි දකින ගැටලුව තමයි රට ඇතුළේ සංසරණය වෙන මුදල් වලින් 76%ක් මුදල් විදිහට ජනතාවගේ පසුම්බිවලින් මෙට්ටේ යට තියෙනවා. මේ අලුත් ක්‍රමවේදයෙන් අපිට අවස්ථාව ලැබෙනවා මේවා මුදල් ආර්ථිකයකට ඇදගන්න. අපි නවීන තාක්ෂණය සමග අත්වැල්බැදගෙන බැංකු මූල්‍ය අංශය හා වෙළෙඳ ප්‍රජාව එකට වැඩ කළොත් අපිට මේ මුදල් ආර්ථිකය ඩිජිටල්කරණයට ලක් කරගත හැකියි. ජනතාව අතේ ගැවසෙන රුපියල් බිලියන 900ක් පමණ වන මේ මුදල් එහෙම ඇදගන්න පුළුවන් වුණොත් ඒක ආර්ථික වර්ධනය සඳහා වන දැවැන්ත පියවරක් වනවා''

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us