''ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද ?'' මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට ජනපති දුන් අමුතු උත්තරය

Published in පුවත්
Friday, 17 May 2024 14:31

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්‍යවේදීන් ජනපතිගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගත හැකි බවත්ය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී අතිවිශාල ණය කපා හැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වසර තුළ වැටුප් වැඩි නොකරන බවට ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තිය සමිති වැඩවර්ජනවල නිරත වීම අනුමත නොකරන බව බව කියා සිටියේ.

-P.M

Last modified on Friday, 17 May 2024 15:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us