ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න ක්‍රමවේදයක්

Published in පුවත්
Tuesday, 14 May 2024 13:46

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර් ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් තීරණය කර ඇතැයි රජය කියයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින අතර එහිදී විකල්පයක් වශයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර තිබේ.

 

- ලංකාදීප 

Last modified on Tuesday, 14 May 2024 13:48

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us