මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජනයක්

Published in පුවත්
Monday, 13 May 2024 09:35

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් සඳහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් එළැඹෙන 22 වන දා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අදහස් පළ කළේය.

"මේ ප්‍රශ්නයේ මුලික කාරණය විසඳලා ඉවරයි. දීමනාව දෙන්න තීරණය කරලා, චක්‍රලේඛයත් නිකුත් කරලා ඉවරයි. පොඩි කොටසකට තමා මේ දීමනාව දැනට අහිමිවෙලා තියෙන්නේ. පෙරදීමනාව නොගෙවීම යන කාරණාව මත. ඒ අයට දීමනාව දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා අපි සෞඛ්‍ය ඇමතිතුමාට කිව්වා. එතුමා ඒක මං හිතන්නේ කරනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න ඒ අය තීරණය කරලා තියෙනවා. ඒ තීරණයට ටිකක් කල්දීලා මේක විසඳන්න කටයුතු කරන්න අවස්ථාව දෙන එක හොඳයි."

එහිදී ඔහු සඳහන් කළේ, මේ වන විට රට මුහුණ දී ඇති තත්ත්වය අනුව මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බවය.

මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා වන යෝජනා අද (13) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුව.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද 11 වන දිනටත් ක්‍රියාත්මක වේ.

සිය ගැටලු සඳහා අද දිනයේ නිශ්චිත විසඳුමක් ලබානොදුන හොත් වර්ජනය ක්‍රියාමාර්ගය දැඩි කරමින් අත්‍යවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සම ලේකම් කේ.එල්.ඩි රිච්මන්ඩ් පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us