හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළදු කැළැවක මියගිය හදුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත හදුන් දිවියාගේ සිරුර සොයාගෙන ඇත.
මෙම හදුන් දිවියාගේ සිරුරේ තද බල තුවාල ඇති බවත් වාර්තා වේ.
මියගොස් ඇති හදුන් දිවියා හොදින් වැඩුණු සතෙකු බවත්, හදුන් දිවියාගේ උදරයේ සහ පසුපස ප්රදේශයේ විශාල තුවාලයක් සිදු වි ඇති බවත්, හදුන් දිවියන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් හදුන් දිවියෙකු බරපතල ලෙස තුවාල ලැබිමෙන් පසු මියයන්නට ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසා සිටි බව මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.
මියගිය හදුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට භාරදිමට කටයුතු කර ඇත.