කොන්ත්‍රාත් පදනම යටතේ ලංවීමේ සේවය කළ රියදුරන් ,කොන්දොස්තරවරුන්ට ස්ථීර පත්වීම්

Published in පුවත්
Wednesday, 08 May 2024 10:35

2018 වසරේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරුන් 1605 දෙනෙකු උදෙසා ස්ථීර පත්වීම් ලබා දීමේ සමාරම්භක වැඩසටහන ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එහිදී සංකේතාත්මක වශයෙන් 100කට අධික පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය සිදුවූ අතර සියලුම ස්ථිර පත්වීම්ලාභීන්ගේ ලිපි මේ වන විට සූදානම් කොට තිබෙනවා.

ලංගම ක්‍රිකට් කණ්ඩායම වෙත නිල ක්‍රීඩා ඇඳුම් කට්ටල පිරිනැමීමද මෙම අවස්ථාවට සමගාමීව සිදුකෙරුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ,

“ලංකා ගමනාගමන මණ්ඩලය විවිධ හේතු රාශියක සමස්ත ප්‍රතිඵලයක් ලෙස වසා දැමිය යුතු හෝ පුද්ගලික අංශය වෙත අලෙවි යුතු ආයතනයක් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නම්කර තිබූ ආයතනයක්.

25000කට අධික අති විශාල සේවක පිරිස ඊට එක් හේතුවක්.

ආයතනය තුළින් විශාල මහජන සේවාවක් සිදුවුවත් ප්‍රමාණවත් ආදායමක් උපදවාගත නොහැකිනම් එය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් මතු වෙනවා.

එම නිසා ආර්ථිකය කඩා වැටීමෙන් අනතුරුව 2025 වසර වන විට ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමඟ ගිවිසුමකට එළඹීමට අපට සිදුවුණා. ඒ අනුව සිදුකළ කලමණාකරණ වෙනස්කම් තුළ කිසියම් ප්‍රගතියක් මේ වනවිට අත් කරගෙන තිබෙනවා.

නමුත් තවමත් ආයතනය ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමකට ළඟා වී නැහැ.

ඒ තත්ත්වයට ලඟා වීම පිළිබඳ වගකීම සමස්ත කාර්ය මණ්ඩලයටම පැවරෙනවා.

ඒ වෙනුවෙන් සෑම ඩිපෝවක්ම ලාභ ලබන , පාඩු නොලබන තත්ත්වයට පත් කළ යුතුයි. එහිදී කොන්දොස්තර මහත්වරුන්ට සහ රියදුරු මහත්වරුන්ට විශේෂ කාර්යභාරයක් පැවරෙනවා.

මේ වන විට ගණන් බලා ඇති ආකාරයට දිනකට ලක්ෂ සීයක පමණ ලැබිය යුතු ආදායම ලංගමට අහිමි වී යනවා.

ඒ අනුව මින් ඉදිරියට ප්‍රවේශපත්‍ර නිකුත් කරන මුදලින් ශත පනහක හෝ හිඟයක් සිදු වුවහොත් වහාම සේවය තහනම් කිරීමට කටයුතු කිරීමට පියවර ගනු ඇති.

අකමැත්තෙන් වුවත් මෙවැනි ක්‍රියාමාර්ග වලට එළඹෙමින් ලංගම ගලවා ගැනීමට කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

කිහිප දෙනකු විසින් සිදු කරන වැරදි ක්‍රියාවක් හේතුවෙන් අති විශාල පිරිසකගේ ජීවනෝපාය පිළිබඳ ගැටලුවක් මතුවනවා.

90% පමණ යහපත් සේවකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දුෂ්චරිතයේ නිරතවන 10% පිරිස පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවනවා.

මේ තත්ත්වය සියලු දෙනාම තේරුම් ගත යුතුයි.

රටේ අනෙකුත් බැංකු ඇතුළු මූල්‍ය ආයතනද කටයුතු කරන්නේ එවැනි ආකාරයටයි.

ඒ තත්ත්වය ලංගම තුළද ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීමටද කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.

සියලු දෙනා එලෙස කැපවීමෙන් එක් වසරක් වැඩ කළහොත් ආයතනය පවතින තත්ත්වයෙන් ඉහළට ගෙන එමින් ලාභ ලබන තත්ත්වයට පත් කළහොත් එම ලාභයෙන් කොටසක් ද කාර්ය මණ්ඩලය වෙත බෙදා හැරීමට අප බලාපොරොත්තු වෙනවා.

එකම ගාස්තුව අය කරන පුද්ගලික බස් රථ හොඳ ආදායමක් ලබා ගනිමින් තමන්ගේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනු ලබනවා.

ඊටත් වඩා විශ්වාසයකින් යුතුව ජනතාව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ භාවිතා කළත් එලෙස ආදායමක් නොලැබෙන්නේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා හේතුවෙන්.

එම නිසා එම තත්ත්වයට පත් නොවී ගෞරවාන්විත සේවයක් ජනතාවට ලබා දෙමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපවී මානව හිතවාදී සේවක පිරිසක් ලෙස කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බවට පත්වනවා.”

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us