නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ නිම කරන්න බලධාරීන්ට උපදෙස්

Published in පුවත්
Monday, 06 May 2024 13:39

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙසට දැනුම් දී ඇති ව්‍යාපෘති 11යි.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබේ.

නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හො අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසල බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු කරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග  සඳහන් කරන්නේ අසංවිධානාත්මක හා අක්‍රමවත් පරිදි සංවර්ධනය වූ ප්‍රාදේශීය නගර ප්‍රතිසංවර්ධනය කිරීම තුලින් ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතබව අවම කළ යුතු බවයි.

ඒ අනුව සියලුම ජනතාව වෙත සමාන නාගරික පහසුකම් ලබාදීම තුලින් ජනතාවගේ සමාජීය හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටුකිරීම රජයේ වගකීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us