අලුත් වෙන පාර්ලිමේන්තුව

Published in පුවත්
Monday, 06 May 2024 09:11

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යවන අතර එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඊට අදාළ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ අනුව පසුගිය 25 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us