විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, 'යෙන් 'ණය ව්‍යාපෘතියක්  

Published in පුවත්
Saturday, 04 May 2024 20:15

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමෙන් පසු පවතින ‘යෙන් ණය ව්‍යාපෘති’ හෙවත් ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීම ජපානයේ අභිප්‍රාය බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ අද (04) පස්වරුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින් කමිකාවා මහත්මිය, ජාතික සංහිඳියාව සඳහා ශ්‍රී ලංකාව ගෙන යන ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට ජපානයේ අභිප්‍රාය ප්‍රකාශ කළාය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍යකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දැනට සිදු කරමින් සිටින විවිධ ප්‍රතිසංස්කරණ සියල්ල අත්‍යවශ්‍ය බව ඇය පැවසුවාය.

නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් උදෙසා ශ්‍රී ලංකාවට සාමුද්‍රික ක්ෂේත්‍රයේ සහාය ලබාදීමටද ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය කියා සිටියාය.

ඒ සඳහා ‘සෝනාර්’ තාක්ෂණයෙන් සන්නද්ධ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවද ඇය සඳහන් කළාය.

හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය සඳහා නැවත යථා තත්ත්වයට පත් කර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස තවදුරටත් ප්‍රගතියක් අත්කර ගනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය.

මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති ලෙස කටයුතු කරමින් ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියට ස්තුතිය පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us