ජනතාවට වාසි වෙමින් රුපියල ශක්තිමත් වෙයි

Published in පුවත්
Sunday, 28 April 2024 14:07

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවත්ය.

2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් විය. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බව සේමසිංහ පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය හඳුනා ගනිමින් රජය ගත් ආර්ථික ස්ථාවර කිරීමේ පියවරයන් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් රට නව සංවර්ධන මාවතකට අවතීරණය වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us