එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයක්.
මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක්.
මෙහි හෝටල් කාමර 350ක් තිබෙන අතර ප්රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි ඇති විශේෂත්වයකි.
එමෙන්ම මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව ද මෙය වේ.
තවද මෙහි වාහන 1210 ක් නැවතීම සඳහා බිම්මහලේ තට්ටු 4 ක් වෙන්කර තිබේ.