හත් දෙනෙකුට මරු කැඳවූ Fox Hill අනතුරේදී ධාවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම වැරදියි - සුපර්ක්‍රොස් සංගමයෙන් චෝදනා

Published in පුවත්
Wednesday, 24 April 2024 06:54

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසයි.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුපර්ක්‍රොස් ධාවකයින් කැඳවා තිබූ හමුවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමයේ අනුශාසක සජාජ් ජුහේර්,

"ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමණාකරණය කිරීම සංවිධායකයින් සතු කාර්යයක් අපට ඒකෙදි මොකුත් කරන්න බැහැ අපිට කරන්න තියෙන්නේ රේස් කාර් එකේ නැගලා රේස් කරන්න රියදුරන්ව අත්අඩංගුවට ගැනීම හරිම අසාධාරණයි පොලීසියෙන් කියන්නේ කහ කොඩියට අවනත නොවීම කියලයි අපි කහ කොඩිය දැක්කම වේගය පාලනය කරගත යුතුයි එකපාරට කොඩිය පෙන්නුවාට පාලනය කරගන්න බැහැ කලින් කාර්එක පෙරලුන වෙලාවේ රතු කොඩිය යොදන්න තිබුණා කාර් හැප්පුනේ පාරෙන් එළියට ගිහින් නෙවෙයි කාර් හැප්පුනේ ට්‍රැක් එකේදි කට්ටිය ට්‍රැක් එකේ හිටපු එකේ වරදක් මිස රියදුරන් එළියට ගියේ නැහැ ජීවිත නැතිවීම ගැන අපිට හරිම දුකයි මේකට වගකියන්න ඕන රියදුරන් නෙවෙයි වරද කරපු අය වගකීම ගන්න - වෙන අයගේ ඇඟේ යවන්න එපා"

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us