ඉරාන ජනපතිගේ මෙරට සංචාරය ගැන ලක් රජයට අමෙරිකාවේ විරෝධය

Published in පුවත්
Friday, 19 April 2024 08:09

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය විරෝධය ශ්‍රී ලංකා රජයට පළකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉරාන ජනාධිපතිවරයා ලබන බදාදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇති තත්ත්වයක් තුළ මෙලෙස තොරතුරු වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳව පූර්ව ආරක්ෂක කටයුතු සොයා බැලීම සඳහා ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියා.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයට ආරක්ෂාව සැපයීම සඳහා ගත යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත සෘජුවම පැමිණීමට නියමිත අතර එතැන් සිට විශේෂ ආරක්ෂාවක් යටතේ ඔහු උමා ඔය ව්‍යාපෘති භූමිය වෙත කැඳවා ගෙන යනු ලබයි.

විවෘත කිරීමේ උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා යළි මත්තල හරහා මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව මෙන්ම ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව දැඩි අවධානයෙන් සිටින බවයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙරට සියලුම බුද්ධි ඒකක ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේ ආරක්ෂක කටයුතු සඳහා එක්ව වන අතර යුද හමුදා කමාන්ඩෝ ඒකකය ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන බව ඉහළ පෙලේ ආරක්ෂක මූලාශ්‍රයක් තහවුරු කළේ ය.

2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා එක්වූ මොහොතේදී උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කරනු ලැබීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us