පොලිසිය පවසන්නේ මොවුන් මුහුණු ආවරණය කර අත් ආවරණ පැළද නිැස් බිදුම් ක්රියාවේ නියැලෙන බවයි.
සැකකරුවන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන් ද සිටින බවත් පොලීසිය පැවසීය.
නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල භාණ්ඩ, ජංගම දුරකථන , ඇතුලු දේපල සොරා ගෙන ඇති බවත් එම භාණ්ඩ තවත් එම වයසේම ළමයින් හරහා අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි.්
මේ අනුව මෙම කල්ලිය දීගු කලක සිට මෙම සොරකම්වල නියුතූව සිටින බවටත් ඒ අනුව දේපල ලග තබාගන සිටි අයත් පොලිස් භාරයට ගෙන දීර්ඝ වශයෙන් ප්රශ්න කරගන යනු ලබන බවත් පොලීසිය පැවසීය.