විධිමත් පුහුණුව ලැබු කෘෂිකාර්මික ඩ්‍රෝන යානා නියමුවන් 100 යක් විසිර යයි.  

Published in පුවත්
Thursday, 18 April 2024 11:11

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නව මානයක් වෙත යොමු කරමින්, මෙරට කෘෂිකර්මාන්තය සඳහා වන ප්‍රථම ඩ්‍රෝන යානා නියමුවන් 100දෙනා විසිර යාමේ උත්සවය පසුගියදා සූරියවැව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ ක්‍රීඩා භූමියේ දී පැවැත්විණි.

දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දීමේ අරමුණින් ඩ්‍රෝන යානා 250ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළ අතර, එම ව්‍යාපෘතියට අදාළ පළමු කෘෂිකාර්මික ඩ්‍රෝන යානා නියමුවන් කණ්ඩායම විසිර යාම මෙසේ සිදු විය.

ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර සහ කෙනිල්වර්ත් ඉන්ටර්නැෂනල් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම නිපුණතා කවුන්සිලයේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට ලංකා බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකුකරණ) එම්. ආර්. එන්. රෝහණ කුමාර සහ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ යන මහත්වරු සහභාගි වූහ.

 

- අරුණ

WhatsApp Image 2024 04 18 at 10.05.14 2db0d120

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us