තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 200 ක් පිහිටුවයි.

Published in පුවත්
Wednesday, 17 April 2024 13:15

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

මීට අදාළව තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවත් ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200ක අවම වශයෙන් ගම්මාන 200ක් තෝරාගෙන ඒවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කරන බවත් ඇමැතිවරයා කීය.

මේ මස 18 වැනි දිනට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පලතුරු පැළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක මණ්ඩලවලට ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.

මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේ විශේෂයෙන් ඩ්‍රෝන තාක්ෂණය ලබා දීම, වී වගා කිරීම සඳහා පැරෂුට් තැටි භාවිත කිරීම, ජල සම්පාදනය සඳහා විසිරි ජල තාක්ෂණය මෙන්ම බින්දු ජල වාරිමාර්ග ක්‍රමය භාවිතා කිරීම,වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බීජ වගා කිරීම මෙන්ම වෙළෙඳපොළ ඉලක්ක කරමින් ගුණාත්මකභාවයෙන් ඉහළ බෝග වගා කිරීම හා වගාව සඳහා ආරක්ෂිත ගෘහ ලබා දීම වැනි වැඩසටහන් රැසක් මේ යටතේ හඳුන්වාදීමට නියමිත බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පැවසීය.

‘ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයෙන් වැඩි පලදාවක් ලබා ගැනීමට නම් නව තාක්ෂණය කෘෂි අංශයට හඳුන්වා දිය යුතුයි. සාම්ප්‍රදායික ක්‍රම අනුගමනයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අසීරුයි. එමෙන්ම එමඟින් ගොවි ජනතාවට ඉහළ ආදායමක් ද ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. මේ නිසා තරුණ ප්‍රජාව මෙරට කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා. කෘෂිකර්මාන්තය ආදායම් ඉපයිය හැකි වෘත්තියක් නොවන බවට හැඟීමක් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතිනවා. එම නිසා මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි තරුණ ප්‍රජාවගේ විශ්වාසය යළි තහවුරු කර ඔවුන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා නව කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වා දීමට කෘෂි නව්‍යකරණ වැටසටහන් හඳුන්වා දී තිබෙනවා.පසුගිය වසරේ හම්බන්තොට, මොනරාගල, ගාල්ල , වවුනියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවල තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ක්‍රමය ආරම්භ කළ අතර මේ වනවිට එම වැඩපිළිවෙළ අතිශය සාර්ථක වී තිබෙනවා.

මේ නිසා මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200ක අඩුම තරමින් ගම්මාන 200ක් තෝරාගෙන ඒවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මේ වැඩපිළිවෙළ යටතේ ඉලක්ක කර තිබෙනවා. අපේ ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ. නමුත් මේ කෘෂි නවීකරණ වැඩ සටහන සඳහා ජනාධිපතිතුමා මගේ ඉල්ලීමට අනුව රුපියල් බිලියන 25ක් ලබාදීමට එකඟ වුණා. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟිය හැක්කේ කෘෂිකර්මාන්තයෙන් පමණක් බව අද බොහෝ දෙනා වටහාගෙන ඉවරයි.අපි ඒ සඳහා ක්‍රමවත් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

Last modified on Wednesday, 17 April 2024 14:12

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us