මැතිවරණ නිසා රට අවිනිශ්චිතභාවයක - ආසියානු සංවර්ධන බැංකුව Featured

Published in පුවත්
Tuesday, 16 April 2024 10:06

ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින “අවිනිශ්චිතභාවය” රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසන බව Press Trust of India (PTI )  වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මේ වසරේ අවසාන කාර්තුවේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත්, ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති වත්මන් IMF සම්බන්ධිත ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට විරුද්ධ පක්ෂ ප්‍රතිඥා දී ඇති බැවින් රට තුළ දේශපාලන අවිනිශ්චිතතාවයක් පවතින බව PTI   වාර්තාව පවසයි.

මේ අතර ඩොලර් බිලියන 2.9 ක පහසුකමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රතිසංස්කරණ නිර්දේශ සමඟ රට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ මෙහෙයවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉදිරියේදී කවර දේශපාලනික ත්තවයන් හමුවේ වුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල කටයුතු නොකළහොත්, රට නැවත වරක් ආර්ථික කඩාවැටීමට ලක්විය හැකි බව පසුගියදා පෙන්වා දී තිබිණි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අවදානම් ගෙනහැර දක්වමින් ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කළ දකුණු ආසියානු පරිච්ඡේදයේ ආර්ථික ප්‍රවණතා වාර්තාවේ සඳහන් කර ඇත්තේ වඩාත් වැදගත් වන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් ඇතුළු ඉදිරි මැතිවරණ හා සම්බන්ධ අවිනිශ්චිතතාවයි.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ සලකුනු දක්නට ලැබෙන අතර නැගී එන වර්ධනය 2023 දෙවන භාගයේදී යළි පණ ගැන්වී ඇති අතර එය 2024 සහ 2025 වසරවලද පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

උද්ධමනය 2022 හි 70% උපරිමයෙන් පසුව, ගිය වසරේ තනි ඉලක්කමකින් අඩු වූ අතර 2024 සහ 2025 දී සියයට 5 ආසන්න මට්ටමක පවත්වගෙන යෑමේ අභියෝග ද දරිද්‍රතාවයේ අවදානමට පිළියම් යෙදිය යුතු බව ද වාර්තාව පවසයි. ඉදිරි මැතිවරණ මත ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රමාද නොකළ යුතු බව අවධාරණය කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්පූර්ණ කිරීම ප්‍රමාද කිරීම්, ප්‍රධාන නීති සම්පාදනය කිරීම් මැතිවරණ නිසා අඩාල විය හැකි බවට අනතුරු හඟවයි.

2023 මාර්තු සහ දෙසැම්බර් මාසවලදී ඇමෙරිකානු ඩොලර් මිලියන 330 බැගින් වූ කොටස් දෙකක් නිකුත් කරන ලද්දේ ගෝලීය ණය දෙන්නා (IMF) මෙරට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රශංසා කළ අතර එය පල දැරීමට පටන් ගෙන ඇති බව ද පෙන්වා දී තිබිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us