මෙරට ගෙනයන වැඩපිළිවෙල ගැන IMF නියෝජිතයන්ගෙන් ප්‍රශංසා

Published in පුවත්
Tuesday, 16 April 2024 08:20

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබේ.


ඒ, ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අතුරතුරදීයි.

පවතින ආර්ථික තත්ත්වයෙන් ඉදිරියට යෑම සඳහා ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විශිෂ්ට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ආරම්භයේ සිටම වෙහෙස වී ශ්‍රී ලංකාව අත් කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් එය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඔහු මෙහි දී අවධාරණය කර ඇතැයි අදාළ X පණිවුඩයේ සඳහන් විය.

මෑතකාලීන මෙරට සමාජ-ආර්ථික වර්ධනයන් සහ IMF වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහතික කිරීමට බලධාරීන්ගේ කැපවීම මෙහිදී ශෙහාන් සේමසිංහ මහතා පැහැදිලි කර ඇත.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ද හමුවිය.

එහිදී IMF වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා ද හමු වී සාකච්ඡා කළ බව ශෙහාන් සේමසිංහ මහතා Xපණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

අයියර් මහතා එහිදී ලෝක බැංකුව තුළ ඇති විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳව යාවත්කාලීන කළ අතර ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇත.

මේ අතර මුදල රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිස ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය රැස්වීමකට ද එක් විය.

මෙරට ආර්ථික සංවර්ධනය පිළිබඳව එහි දී සාකච්ඡා කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us