අධිවේගයේ නොපිය වූ ණය ‌ප්‍රමාණය බිලියන 800ක්, ඉපිද ඉපිද මැරෙන තුරාවට මේ ණය ගෙවන්න වෙනවා

Published in පුවත්
Tuesday, 09 April 2024 19:48

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

 අධිවේගී මාර්ග කළමනාකරණ සහ එහි සියලු වත්කම් රජයට අයිති බැවින් රජය සතු සහස්‍ය ආයෝජනය වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම ණය කන්දරාව ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක්‌ රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බව අමාත්‍යවරයා සඳහන් කල අතර අධිවේගී මාර්ගවලින් දිගින් දිගටම රුපියල් බිලියන පහක් බැගින් ලාභ ලැබුවත් මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා වසර 160ක් ගත වන බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම විෂය භාර අමාත්‍යවරයා ලෙස වසර එකහමාරකට පෙර මෙම අමාත්‍යංශයේ වැඩ භාරගත් අවස්ථාවේ සිට අධිවේගී මාර්ග පද්ධතිය කාර්යක්ෂම ඵලදායි බවට පත් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් කර නමුත් මේ වනතෙක් ඒ කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කලේය.

බදු ගෙවන ජනතාව වෙත තවත් මෙම බර පැටවිය නොහැකිබවත් ඉපිද ඉපිද මැරෙන තුරුත් මෙම ණය ගෙවීමට සිදුවන බවත් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේය.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කලහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us