ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රි රත්නායක පවසා සිටියේ ඡන්ද හිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූවා නම් ඒ සදහා අද 09 සිට මැයි මස 10 වෙනිදා දක්වා අවස්ථාව සැලසෙන බවය.
එහි දී නම ඇතුලත් කර ගැනීම සදහා ග්රාම නිලධාරී කාර්යාලය ට හෝ මැතිවරණ කාර්යාලයට හෝ ගොස් කළ හැකි වේ. එසේ නැතිනම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කරගත හැකි බව හෙතෙම පැවසීය.
ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූ පිරිස් හට අද සිට මැයි 10 වෙනිදා දක්වා ඊට අවස්ථාව සැලසේ.