අඩු ආදායම් පවුල් වෙනුවෙන් රනිල් ගත් යෝජනාවට අනුමැතිය

Published in පුවත්
Sunday, 07 April 2024 12:44

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.

අස්වැසුම ප්‍රතිලාභීන්, අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින් අතරින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා තෝරාගන්නා පුද්ගලයින්, අස්වැසුම වැඩසටහන හරහා ප්‍රතිලාභ නොලැබෙන සමෘද්ධි ප්‍රතිලාභීන්, අස්වැසුම හෝ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අමතර මූල්‍යාධාර ලබන වැඩිහිටි පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගී පුද්ගලයින් සඳහා මෙම සහල් මලු බෙදාදීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 54, 800ක පමණ සහල් ප්‍රමාණය සැපයුම්කරුවන්ගෙන් මිලට ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us