ලෝක බැංකුවට අනුව මෙරට දුප්පතුන් ලක්ෂ 57ක්

Published in පුවත්
Saturday, 06 April 2024 22:56

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසූ බව ලංකාදීප පුවත් පත වාර්ථා කරයි.

ඒ අනුව,'මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූ නිසා බවද ලෝක බැංකුව සඳහන් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.

ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව එම බැංකුව පුරෝකථනය කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවේය.'

මේ අනුව මේ ලක්ෂ 57ක දුප්පත් ලෙස සැලකෙන්නේ දිනක වියදම ලෙස ඩොලර් 3.65 කට වඩා වියදම් කිරීමේ හැකියාවක් නැති පිරිසය. ඩොලර් 3.65 ක් කියන්නේ වර්තමාන අගයන් අනුව රුපියල් 1000 කට ආසන්න මුදලකි. මාසයකට නම් රුපියල් 30.000 ක මුදලකි. එනම් මාසිකව රුපියල් 30,000 කට වඩා අඩු ආදායම් ලබන්නෙක් දුප්පතෙක් ලෙස සැලකෙන බවය.

මේ අතර පසුගියදා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබිණි.

එම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 17,014 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට නම් රු. 18,350 ක් අවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුවන දිස්ත්‍රික්කය වේ.

එම සටහනට අනුව අවම අගය සටහන් වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය ඉදිරියෙන් වන අතර එය රු. 16,268 ක් ලෙසින් වාර්තා වේ.

පෙර මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us