57 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද

Published in පුවත්
Saturday, 06 April 2024 07:58

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.

57 වැනි වරට පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යයේදී පසුගිය වසරේ මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍රස්ත කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීමට නියමිතයි.

අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු කරන ලද සහල් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා දිවයින පුරා ගොවි ජනතාව අනුරාධපුරයට පැමිණෙනු ඇත.

එළඹෙන යල කන්නයේ අස්වනු සරුසාර කර ගැනීමට මෙන්ම, මෙම වර්ෂය පුරාම කලට වේලාවට වර්ෂාව ලැබ සහල් ඇතුළු සියලු ධන ධාන්‍යයෙන් රටට ලැබෙන අස්වැන්න වැඩි වී, ගොවි ජනතාව මෙන්ම රටේ සියලුම ජනතාවට පාරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට ආශිර්වාද ලබා ගැනීම අලුත් සහල් මංගල්‍යයේ අරමුණයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us