අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම බීඩි කොළ තොගය මළු 40 ක පමණ පුත්තලම කල්පිටිය කුරිංඤංපිටිය මුහුදු තීරයේ අතහැර දැමූ ඉස්සන් කොටුවක සඟවා තිබි ඇති අතර යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරුවලට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගයේ වටිනාකම දළ වශයෙන් මිලියන් 7.5 ක් පමණ වන අතර අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු පුත්තලම සුරාබදු ඒකකය විසින් සිදුකරනු ලබයි.