සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සැකකරුවන් 68 දෙනාට නිදහස

Published in පුවත්
Friday, 05 April 2024 10:17

2022 මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට එම අධිකරණය ඊයේ (04) තීරණය කර තිබේ.

පළමු සහ දෙවැනි සාක්ෂිකරුවන් මියයාම සහ සිද්ධිය සම්බන්ධ වීඩියෝ සාක්ෂි මේ දක්වාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වීම මත මෙසේ සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුවිනි පෙරේරා පැවසුවේ.

“සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා බන්ධනාගාරගත වෙලා ඉන්න අවස්ථාවේදී තමයි මුල් තොරතුර සපයලා තියෙන්නෙ. ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු වීඩියෝ දර්ශන කිහිපයක් අනුසාරයෙන් කිහිපදෙනෙකුව හඳුනාගත්තා, නමුත් මේ වනතෙක් අදාළ ජංගම දුරකථනය හෝ එයින් පටිගත කරන ලද වීඩියෝ දර්ශන කිසිවක් අධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ. ඒ අතරතුරේදී ප්‍රධාන සාක්ෂිකරු මියයාම හේතුකොටගෙන සහ ඉදිරිපත් වූ දෙවැනි සාක්ෂිකරු ද මියයාම හේතුකොටගෙන මෙම නඩුව ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ඊට අමතරව ගරු අධිකරණය ආරච්චිකට්ටුව පොලිසියෙන් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව කරුණු විමසීමේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වෙන ලබාදුන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි හලාවත පොලිසියෙන් ද මේ පිළිබඳ විමර්ශන කටයුතු ඉදිරියට පැවැත්වීම පිළිබඳව නිසි පිළිතුරක් අධිකරණයට ලබාදුන්නේ නෑ. එතකොට දැන් තියෙන ප්‍රධාන සාක්ෂි නොමැතිව මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ” යැයි නීතීඥවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us