බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් අලුත් තීරණයක්

Published in පුවත්
Friday, 05 April 2024 09:48

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. එච්. ප්‍රසන්න සංජීව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ ගැන වැඩිදුර විස්තර 0112864542 ට අමතා දැනකියා ගත හැකි බවයි සංජීව වැඩිදුරටත් කියා සිටායේ.

බත්තරමුල්ල, රන්මඟ පාරේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී ප්‍රවාහන අධිකාරිය මගින් ස්ථාපිත කෙරුණු ත්‍රිරෝද රථ කාර්යාංශය පිළිබඳ පොත් පිංචක්ද එළිදක්වනු ලැබීම විශේෂත්වයක්.

එසේ ලියාපදිංචි වීමට රුපියල් 3000ක මුදලක් අය කරන බවයි ඔහු කියා සිටියේ.

ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා රුපියල් 500ක්ද, වාර්ෂික මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රය සඳහා රුපියල් 1000ක්ද, රියැදුරු ලියාපදිංචිය සඳහා රුපියල් 1500ක්ද ආදී වශයෙන් මෙම රුපියල් 3000ක මුදලක් අය කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

බස්නාහිර පළාතේ ඇති මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල 8 තුළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදු කරන බවද ඒ මහතා කීය.

මේ ගැන වැඩිදුර තොරතුරු www.wptaxi.lk වෙබ් පිටුව ඔස්සේ දැනගත හැකි බවද ඔහු සඳහන් කළා.

බස්නාහිර ත්‍රිරෝද ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයි සභාපතිවරයා කියා සිටියේ, බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ තුන්ලක්ෂ පනස් හතර දහසක් (354,000) ඇති බවත්, ඉන් වෘත්තීමය ත්‍රිරෝද රථ විසිනවදහසක් පමණ මේ වනවිට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බවයි.

ලබන ජුනි 30 වැනිදා දක්වා බස්නාහිර පළාතේ වෘත්තීමය ත්‍රිරෝද රථ ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබාදෙන බවත්, ජූලි 01 වැනිදා සිට සියලු ත්‍රිරෝද රථ මාර්ග පරීක්‍ෂකවරුන් ලවා පරීක්‍ෂාවට ලක් කරන බවත් එහිදී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි නොවී මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා කියා සිටියේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us