ඒ අනුව අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය , මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිතයි.
මේ අතර, අද පස්වරුවේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
වැසි සමග තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
-P.M