කොළඹ නගරයේ ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම Online මගින්...  

Published in පුවත්
Wednesday, 03 April 2024 12:02

(Online Planning Approval and Clearance) ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමේ නව වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්ය සාධක බළකායේ මඟපෙන්වීමෙන්, කොළඹ නාගරික කොමසාරිස්වරිය ජේ.එම්. භද්‍රානි ජයවර්ධනගේ උපදේශකත්වයෙන් මෙම
නව වැඩසටහන ජනගත කිරීමේ උත්සවය කොළඹ මහා නගර සභා පරීශ්‍රයේ දී පැවැත්විණි.

රටේ පුරවැසියන් මෙන්ම දෙස් විදෙස් ආයෝජකයින් තම මූලික කටයුතු සඳහා පැමිණෙන, රටේ මෙන්ම ආර්ථිකයේ ජීවනාලියවන් කොළඹ නගරය තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් ජනතාවට විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව තම කටයුතු ඉටු කරගැනීමට හැකිවන අතර, ආර්ථිකය තව තවත් ශක්තිමත් කිරීමට තොරතුරු තාක්ෂණය ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව කොළඹ නාගරික කොමසාරිස්වරිය ජේ.එම්. භද්‍රානි ජයවර්ධන අවධාරණය කරන්නීය.

මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ නගර වැසියන්ට අවශ්‍ය ඉදිකිරීම් බලපත්‍ර, ඉඩම් අනුබෙදුම්/ඒකාබද්ධ කිරීමේ බලපත්‍රවලට අදාළ අයදුම්පත් සහ අනෙකුත් අදාළ ලියකියවිලි https://Apply.colombo.mc.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැක.

මේ සඳහා අදාල වෙබ් අඩවියට පිවිස තමන්ගේම ගිණුමක් ඇරැඹුමෙන් පසු අවශ්‍ය මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමට, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමට, ඉදිකිරීම් බලපත්‍ර අලුත් කිරීමට සහ අනුකූලතා සහතික නිකුත් කිරීමට අවශ්‍ය ලියකියවිලි කොළඹ මහා නගර සභාව වෙත ඉදිරිපත් කිරීමට හැකි වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us