අගමැති නිල සංචාරයක් සඳහා චීනයට

Published in පුවත්
Monday, 25 March 2024 07:59

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, චීන අග්‍රාමාත්‍ය ලී කියැග්න්ගේ ආරාධනයකට අනුවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය ද එම සංචාරය සඳහා එක්ව සිටී.

ඔවුන්, චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් හමුවීමට නියමිතයි.

මේ අතර , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ඇතුළු පිරිසක් අනිද්දා දින ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එම නියෝජිත පිරිස අතරට ප්‍රවාහන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළත් ය.

එම සංචාරයේ අරමුණ ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට නියමිත ගොඩබිම් සබඳතාව පිළිබඳව සාකච්ඡා කිරීම බව වාර්තා වෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us