ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් අතිරේක පොත්

Published in පුවත්
Tuesday, 19 March 2024 13:09

පාසල් සිසුන්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා අතිරේක කියවීම් පොත් 4ක් පාසල් පුස්තකාල වෙත ලබාදී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් උසස්පෙළ සිසුන් සඳහා "16+ යෞවනයට ආමන්ත්‍රණය" නමින් ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳව අතිරේක කියවීම් පොතක් පාසල් පුස්තකාල සඳහා සකස් කර බෙදාහැර ඇත. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 6 සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා "මල්සමය ළඟයි", 9,10,11 ශ්‍රේණි සඳහා "14+ අසිරිමත් නව යෞවනය" 6,7 ශ්‍රේණි සඳහා "12+ නව යොවුන් වියට පා තබමු" ලෙස සකස් කර ඇති අතිරේක කියවීම් පොත් මගින් ආර්ථව සෞඛ්‍ය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ E තක්සලාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙබ් පිටුවද ඇතුළත් කර ඇත."  

"නවතම වාර්තා අනුව අවුරුදු 12ත් 47ත් අතර සියයට 40ක් පමණ පිරිසක් නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරන්නේ නෑ කියලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ගෙන් මේ වැඩේ පටන්ගත්තොත් යම් කාලසීමාවක් තුළදී දැනුවත් කිරීමක් කරගන්න පුළුවන්, ඒ නිසා මම අමාත්‍ය මණ්ඩලයට සංදේශය ඉදිරිපත් කරලා සුභසාධනය සඳහා වෙන්කරලා තියෙන මුදල්වලින් ඒ සඳහා මුදල් වෙන්කරවාගෙන වැඩසටහන් අපි ඉදිරිපත් කළා. ලබන සතියේ ඒක අනුමත වේවී. ඒ අනුව අපි සූදානම් වෙනවා 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් ට වවුචරයක් ලබාදීලා ඒ වගේම අපි නිර්දේශ කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් SLS එකත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතුව කමිටුවක් දාලා මේ වෙනකොට සාකච්ඡා කරලා නිර්දේශ කරලා තියෙනවා. ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක උපකරණ මිලදීගැනීමට අවස්ථාව දෙන්න, වවුචරයක් දෙන එක පහසුයි."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us