පුවක් ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලක්

Published in පුවත්
Tuesday, 19 March 2024 11:51

දැනට වැවිලි බෝගයක්  වශයෙන් නොව අතුරු වගාවක් ලෙස  ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹනලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

 ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද  මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5ක් බවද අමාත්‍යවරයා කීය.

මේ වනවිට මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී ඇති අතර දේශීය පුවක් විශේෂවලට අමතරව එක් ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇතැයි අමාත්‍යාංශය පවසයි. මාතලේ සිංහ, මාතලේ චතුර හා මාතලේ රාජා එම පුවක් විශේෂයි.

පුවක් අපනයනය කිරීම මගින් මාසිකව රටට ඇමරිකන් ඩොලර් මිලියන 50ක ආදායමක් ලැබෙන අතර වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් දැනට උපයනු ලබයි.

2021 වර්ෂයේ මෙරට පුවක් මෙට්‍රික් ටොන් 23,890ක් අපනයනය කර ඇති අතර 2022 දී මෙට්‍රික් ටොන් 24,323ක් අපනයනය කර තිබේ. 2023 වර්ෂයේ දී මෙට්‍රින් ටොන් 34,771ක් අපනයනය කිරීම මගින් මෙරටට ලැබී ඇති ආදායම රුපියල් මිලියන 86,680කි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us