ළගදීම විවෘත වන දැවැන්ත ITC Colombo ව්‍යාපෘතිය. (ඡායාරූප)

Published in පුවත්
Wednesday, 13 March 2024 13:49

ගාලු මුවදොර අභියස අක්කර පහක භූමියක පැතිරැනු මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයකි.

මහල් 49 කින් යුත් නේවාසික කුළුණක්(Residential Tower) (මීටර් 224) සහ තට්ටු 28 කින් යුත් හෝටල් කුළුණක් (Hotel Tower)(මීටර් 139) මීටර 54 ක් දිග අහස් පාලමකින් 19 සහ 21 මට්ටම්වලට සම්බන්ධ කරන අතර එහි බාහිර තටාක තට්ටුවක්(infinity pool) ඇත.

කුළුණු වටා තට්ටු හතරකින් යුත් පහල ගොඩනැගිල්ලේ අන්තර්ජාතික මට්ටමේ වෙළද සංකීර්ණයක් කාර්යාල පහසුකම්, විවේක ස්ථාන.වාහන 1210 ට නැවැත්වීම සදහා බිම් මහලේ තට්ටු 4 ක්ද වෙන්කර ඇත.

මෙම වයාපෘතියේ සුවිශේෂී අංගය වන දකුණු ආසියාවේ පලමු අහස් පාලම(A sky-bridge) හෝටල් කුළුණ 19 සහ 21 මට්ටමේ නේවාසික කුළුණ සමඟ සම්බන්ධ කරයි. මෙම පාලම ඉහල කොටසේ පිහිණුම් තටාකයක් සහ එහි පහළ කොටසේ විවේකාගාරයක් (bar lounge)ඇතුලත් වේ

2011 වර්ෂයේ මෙම භූමිය ශ්‍රී ලංකා රජය විසින් මුලදී චීනයේ CATIC( China National Aero-Technology Import & Export Corporation) සමාගමට වෙන්කර තිබූ නමුත් ඉන්දියානු රජයේ දැඩි ඉල්ලීම මත පසුව ඒම භූමිය ඉන්දියාවේ ITC සමාගමට හිමිවිය ඒහිදී නැවත චීනයේ CATIC සමාගම ලබාදුන් $ මිලියන 54.4 ගෙවීමෙන් පසුවයි.

ITC(Indian Tobacco Company) මේ සදහා ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කර ඇත මෙය ITC සමාගම සිදුකල දෙවන විශාලම ආයෝජනය වන අතර ඉන්දියාවෙන් පරිබාහිරව කරන ලද විශාලතම ආයෝජනය යි.

itc 1

itc 2

itc 3

itc 4

itc 6

itc 7

itc 8

P.M

සබැදී පුවත්- 

ඉන්දියාව සිය ජාත්‍යන්තර හෝටල් ජාලය මෙරටින් අරඹයි. හිල්ටන් එකත් ඉන්දියාවට

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us