මහ බැංකුවේ ස්වාධීනත්වය තිබිය යුතුයි..ඒත් මෙහෙම පඩි වැඩි කරගන්න එක හරි නෑ.

Published in පුවත්
Wednesday, 06 March 2024 14:35

රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක්වී සිටින විට මහ බැංකුවේ පඩි වැඩිකිරීම සදාචාරාත්මක නොවන බවත් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මුදල කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයාට අවධාරණය කලේය.

එමෙන්ම ඔහු පවසා සිටියේ නීතියේ බලය යම්කිසි ආකාරයකට පාවිච්චි කරමින් මෙම ක්‍රියාව සාදාරණීකරණය කිරීමකට උත්සාහ කරන බවයි.


පවතින ආර්ථික තත්වය තුළ බොහෝ දෙනෙක් අතිශ්‍ය බැට කන අවදියක මෙලෙස ඔවුන්ගේ පමණක් පඩිය වැඩි වීම ගැටලුවක් බවත් එය සදාචාරාත්මක ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.


මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ දිවා රෑ ජීවිත ගලවාගැනීමට වෙහෙසෙන සුවසැරිය කාර්ය මණ්ඩලයේ වැටුප් සමග සැසඳීමේදී මෙම වැටුප් වැඩිකිරීම අසාධාරණ බවත් පඩි වැඩි වීම නොව ප්‍රශ්නය වන්නේ වැඩි වූ ප්‍රමාණය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම මන්ත්‍රීවරයා අවධාරණය කළ අතර එම බලය අයුතු ලෙස භාවිතා නොකරන ලෙසයි ඔහු අවධාරණය කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us