එක්සත් ජාතීන්ගේ සහයෙන් අපේ කුළුබඩු ජාත්‍යන්තරයට

Published in පුවත්
Thursday, 29 February 2024 11:34

ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාම ජාත්‍යන්තර වෙළෙදපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඒ අනුව ලෝක වෙළෙඳ සංවිධානයේ නියෝජිතයන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ  කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ වනවිටත් ශ්‍රී ලංකාවේ කුළුබඩු සදහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින අතර ලාංකික  කුළුබඩු වල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා රජය ලෙස සියලු පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ UNIDO නියෝජිත පිරිස කීවෙි ශ්‍රී ලංකාවේ කුරුඳු හා ගම්මිරිස් සඳහා  පවතින ඉල්ලුම විශිෂ්ට බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us