කොළඹ කොටුවට අලුත් පෙනුමක්

Published in පුවත්
Monday, 26 February 2024 11:32

කොළඹ අංක 1 කොට්ඨාෂය (කොටුව) ප්‍රදේශය විචිත්‍රවත් සංචාරක හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් සහ ආදර්ශ තිරසාර නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව වාර්ථා වේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගී ප්‍රයත්නයක්, වන මෙම ව්‍යාපෘතිය සංවර්ධනය ආචාර්ය දිනේෂ් වටවන යටතේ සිදුවන අතර සහ Daily FT පුවත්පතේ අනුග්‍රහයෙන් මෙහෙයවීම සිදුවේ.

කොළඹ කොටුව ශක්තිමත් සංචාරක සන්නාමයක් බවට පත් කිරීම සඳහා නගරයේ වැදගත් ඓතිහාසික උරුමය සහ නවීන මැදිහත්වීම් උපයෝගී කර ගැනීම සිදුවේ.

චැතම් වීදියේ පැරණි ප්‍රදීපාගාර ඔරලෝසු කණුවේ සිට ආසියාවේ පැරණිතම දෙපාර්තමේන්තු ගබඩාව ඇතුළු යටත් විජිත යුගයේ පැරණි ගොඩනැගිලි සහ වීදී කොළඹ කොටුවේ ‌‌ෙඑතිහාසික බව ඔප්නංවයි. කෙසේ නමුත් මෙතුවක් කල් මෙම උරුමයන් නොතකා හැර තිබිණි. කොළඹ කොටුවට අභිමානවත් ඉතිහාසයක් සහ නවීන යටිතල පහසුකම්වලින් සමන්විත වූවත්, ප්‍රදර්ශන නගරයක් ලෙස ප්‍රකාශ කළ හැකි ඒකාබද්ධ සංචාරක හා ආර්ථික ආකෘතියක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරස් ය. කාලීන අවශ්‍යතාවය වන්නේ එය සිදු කළ හැකි අනාගත සැලැස්මක් සහ උපදේශනයකි.

කොළඹ කොටුවේ අනාගතය එහි තේජාන්විත අතීතය සමඟ ගැටෙමින් පවති. මෙම නිධානය තිරසාර ආශ්චර්යමත් නගරයක් බවට පරිවර්තනය කළ හැකි නම්, වඩාත් ප්‍රබෝධමත් සංචාරක සන්නාමය සහ මෙම දූපත් ජාතියට ආදර්ශයක් ලබා දිය හැකි බවත් ආචාර්ය වරයා සඳහන් කරයි.

ශක්තිමත් භූගෝලීය සන්නාමයක් නිර්මාණය කිරීමේ දී, One Colombo Fort කණ්ඩායම, කොළඹ වරාය නගරය, ගාලු මුවදොර සහ කොළඹ කොටුව ආසන්නයේ වටපිටාව එක් ස්ථානයකට ඇතුළත් කිරීම සඳහා සිය වසම පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර එය තිරසාර හා දේශීය හා විදේශීය සංචාරකයින්ට වැදගත් ගමනාන්තයක් ලබා දෙයි.

ඓතිහාසික සන්ධිස්ථාන, නොසලකා හරින ලද සහ දිරාපත් වන බිම් සලකුණු ස්ථාපිත කිරීම සඳහා භූගෝලීය පිහිටීම පිළිබඳ මූලික පර්යේෂණ දැනටමත් සිදු වෙමින් පවතී. සංචාරකයින් ආකර්ශනය කර ගන්නා නිර්මාණාත්මක සංකල්පීය සැලසුම් ද සකස් වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන නගරය තිරසාරභාවය සහ වගකීම යන ආචාර ධර්ම යටතේ වර්ධනය වන බව සහතික කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us