ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩො.මි.500 ක ආධාරයක් මෙම වසරේ දී ලැබෙයි

Published in පුවත්
Monday, 26 February 2024 11:12

ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරමින් පවතින ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව 2024 දී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආධාරයක් ලැබිය හැකි බව මැනිලා හි අධ්‍යක්ෂ, තකාෆුමී කා‌ඩොනො (Takafumi Kadono) පවසයි.

ඒ අනුව සංශෝධිත විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අනුමැතිය ලැබීමෙන් පසුව එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක බලශක්ති අංශයේ ණයක් මාර්තු හෝ අප්‍රේල් මාසයේදී පමණ ලැබීමට නියමිතය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක ණයක් ද වසරේ මුල් භාගයේදී අනුමත වේ. කුඩා සමාගම් සඳහා ණය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ණය ඇපකර නියෝජිතායතනයක් පිහිටුවීමට නියමිතය.

මූල්‍ය අංශය සඳහා ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ද මෙම වසර සඳහා ලබා දීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ අගභාගයේදී මුල්‍ය අංශයේ ප්‍රතිපත්ති ණයේ පළමු වාරිකය ලබා දුන්නේය.

ජල අංශය සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 100ක් වසර අගදී අනුමත වීමටද නියමිතය.

සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ත් 300ත් අතර ප්‍රමාණයක් අඩුම අනුපාතිකයට හෝ සියයට 2ක සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් (COL) අනුපාතයට ලබාගත හැකිය. ආසියානු සංවර්ධන බැංකුව 2024-2028 කාලසීමාව ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සඳහා ‘රටේ හවුල්කාරිත්ව උපාය මාර්ගයක්’ පිළිබඳ වැඩ ආරම්භ කර ඇති බව ද කඩෝඩෝ පවසයි

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us